ද.ප. සමූපකාර දෙපාර්තමේන්තුව

සමූපකාර දෙපාර්තමේන්තුවේ ආරම්භය සහ විකාශය . . .

දකුණු පළාත් කෘෂිකර්ම, ගොවිජන සංවර්ධන, වාරිමාර්ග, ජල සම්පාදන හා ජලාප්‍ර‍වාහන, ආහාර සැපයුම් හා බෙදාහැරීම්, වෙළඳ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශයට අයත් දකුණු පළාත් සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍ර‍ධාන නිලය සමුපකාර සංවර්ධන කොමසාරිස් හා සමුපකාර සමිති රෙජිස්ට්‍රාර් වන අතර උප කොමසාරිස් ප්‍ර‍ධාන නිලය සමුපකාර සංවර්ධන සහකාර කොමසාරිස් වේ.

දකුණු පළාත් සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තු කාර්යාලය යටතේ සමුපකාර සංවර්ධන සහකාර කොමසාරිස් කාර්යාල පාලනය වන අතර ගාල්ල, මාතර, හම්බන්තොට යන දිස්ත්‍රික්කයන්හි සමුපකාර සංවර්ධන සහකාර කොමසාරිස් කාර්යාල පිහිටා ඇත.

සමුපකාර සංවර්ධන කොමසාරිස් කාර්යාලයේ සමුපකාර සංවර්ධන කොමසාරිස් හා සමුපකාර සමිති රෙජිස්ට්‍රාර් යටතේ සමුපකාර සංවර්ධන නියෝජ්‍ය කොමසාරිස්, සමුපකාර සංවර්ධන සහකාර කොමසාරිස්, ගණකාධිකාරී, පරිපාලන නිලධාරී, දිස්ත්‍රික් සමුපකාර සංවර්ධන නිලධාරී, මූලස්ථාන සමුපකාර සංවර්ධන නිලධාරී, සංවර්ධන නිලධාරී, සමුපකාර සංවර්ධන නිලධාරී, තොරතුරු තාක්ෂණ සහකාර, කළමණාකරණ සහකාර, රියදුරු හා කාර්යාල කාර්ය සහායක යන කාර්ය මණ්ඩලය සේවය කරනු ලබයි.

 

1930 වර්ෂයේදී වෙනම දෙපාර්තමේන්තුවක් වශයෙන් සමුපකාර දෙපාර්තමේන්තුව පිහිටුවා ඇති අතර, දෙපාර්තමේන්තු කටයුතු විධිමත්ව පවත්වා ගෙන යෑම සඳහා 1936 අංක 16 දරණ සමුපකාර සමිති අඥාපනත සම්මත කරගන්නා ලදී. 1972 අංක 05 දරණ සමුපකර සමිති පනත සම්මත කරගන්නා තෙක් එම පනත ක්‍රියාත්මක විය. 1972 අංක 05 දරණ සමුපකාර සමිති පනත, 1983 අංක 32 හා 1992 අංක 11 දරණ පනත් වලින් සඳහන් සංශෝධනය වීම් සහිතව දකුණු පළාත තුළ 2019 වසර දක්වා ක්‍රියාත්මක විය. 1989 අංක 12 දරණ පළාත් සභා පනතින් , සමුපකාර විෂය පළාත් සභා සඳහා විමධ්‍යගත කළ අතර, ඒ අනුව 2019.04.01 වන දින 2019 අංක 06 දරණ දකුණු පළාත් සමුපකාර සමිති ප්‍රඥප්තිය දකුණු පළාත් සභාවේදී සමමත කර ගෙන ඇත.

දකුණු පළාත් ජනතාවගේ ආර්ථික, සමාජීය, සංස්කෘතික හා අධ්‍යාපන සංවර්ධනයට දායකත්වයක් සපයන විවිධ සේවා සමුපකාර සමිති, සමුපකාර ණය ගනුදෙනු හා සකසුරුවම් සමිති, කර්මාන්ත හා නිෂ්පාදන සමුපකාර සමිති, ධීවර සමුපකාර සමිති, ආරෝග්‍යශාලා සමුපකාර සමිති, උත්සව සේවා සමුපකාර සමිති, පාසැල් සමුපකාර සමිති යනාදී වශයෙන්, ජන ජීවිතයේ සෑම අවස්ථාවකටම ප්‍රයෝජනවත් වන අයුරින් ස්ථාපනය වී ඇති සමස්ථ සමුපකාර සමිති පද්ධතිය මෙහෙයවීම, උපදෙස් දීම, විගණනය හා අධීක්ෂණ කටයුතු සිදු කිරීම කරනු ලබන්නේ දකුණු පළාත් සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව විසිනි.

 

මේ යටතේ සමුපකාර සමිති ලියාපදිංචි කිරීම, සංවර්ධනය කිරීම, විගණනය, විමර්ශනය හා නීතිමය කටයුතු සිදු කිරීීම සහ සමුපකාර සමිති අධ්‍යක්ෂ මණ්ඩල කාරක සභා, මහා සභා සාමාජිකයන් සහ සාමාජිකයන් දැනුවත් කිරීම සහ මග පෙන්වීම යන සංවර්ධන හා ව්‍යවස්ථාපිත කාර්යයන් සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබයි. තවද සහශ්‍ර සංවර්ධන අභිමතාර්ථ ඉටුකර ගැනීමෙහිලා සමුපකාර ව්‍යාපාරය මගින් ඉටුකල හැකි මෙහෙය සාක්ෂාත් කර ගැනීමට අවශ්‍ය මගපෙන්වීමද ඒ තුළින් ජාතික අභිලාෂයන් ඉටුකරලීම සඳහා දැක්විය හැකි දායකත්වය අඛණ්ඩව ලබාදීම වෙනුවෙන් සමිති මෙහෙයවීමද සිදුකරනු ලබන විශේෂ කාර්යයන්වේ.

සමුපකාර සංවර්ධන කොමසාරිස් ප්‍රමුඛ විවිධ තනතුරුවලට අනුයුක්තව 286 ක කාර්ය මණ්ඩලයක් දකුණු පළාත් සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවෙහි සේවය කරන අතර, සිය සේවා කාර්යක්ෂමව ලබාදීම සඳහා යුහුසුළුව කටයුතු කරනු ලබයි. ජාත්‍යන්තර සමුපකාර ප්‍රමිතීන් හා බද්ධ වෙමින් දකුණු පළාත තුළ සමුපකාර සමුපකාර ව්‍යාපාරයේ ප්‍රගමනය සඳහා සමුපාකාරිකයින් දිරිමත් කිරීමේ විධිමත් සංවිධානාත්මක කාර්යභාරයක් ඉටු කරමින් දෙපාර්තමේන්තු දායකත්වය සමුපකාර ව්‍යාපාරය සඳහා අඛණ්ඩව ලබාදීම මේ වන විට ප්‍රශස්ථ අයුරින් සිදු කරමින් පවතී.

ආයතනයේ අරමුණූ

  • සමස්ථ සමුපකාර සමිති පද්ධතිය මෙහෙයවීම.
  • උපදෙස් ලබාදීම.
  • විගණනය හා අධීක්ෂණ නීතිමය කටයුතු
  • ආර්ථික, සමාජීය, සංස්කෘතික හා අධ්‍යාපන සංවර්ධනයට දායකත්වයක් සැපයීම.
  • සමුපකාර සමිති ලියාපදිංචි කිරීම.
  • සමුපකාර සමිති සංවර්ධනය කිරීම.
  • සමුපකාර සමිතිවල අධ්‍යක්ෂ මණ්ඩල, කාරක සභා, මහ සභා සාමාජිකයන් දැනුවත් කිරීම සහ මග පෙන්වීම.
  • ව්‍යාපෘති හා ප්‍ර‍චාරක වැඩ.
  •  

    ප්‍ර‍ධාන කාර්යයන්

  • සමුපකාර සමිති ලියාපදිංචි කිරීම.
  • සමුපකාර සමිති සංගත කිරීම හා විසංගත කිරීම.
  • සමුපකාර සමිති සංවර්ධන කටයුතු සඳහා මඟපෙන්වීම හා විගණනය කිරීම.
  • සමුපකාර නීති අර්ථකථනයන් සැපයීම.
  • සමුපකාර සමිති සඳහා විශේෂ විමර්ශන පැවැත්වීම.
  • සමුපකාර සමිති කාරක සභිකයන් සඳහා අතුරු ව්‍යාවස්ථා සංශෝධනය කිරීම.
  • සමුපකාර අරමුදල පරිපාලනය කිරීම.
  • සමුපකාර සමිති සඳහා කාරක සභිකයන් පත්කිරීම.
  • සමුපකාර සමිති තිරක කරණය.
  • සමුපකාර සමිති ඈවර කිරීම හා අවලංගු කිරීම.
  •  

    සුවිශේෂී කරුණු

  • සමුපකාර සේවකයන් දිරි ගැන්වීම සඳහා සමුපකාර ක්‍රීඩා උත්සවය වාර්ෂිකව පැවැත්වීමට කටයුතු සලසා ඇත.
  • සමුපකාර සේවකයන් දිරි ගැන්වීම සඳහා සමුපකාර දින උත්කර්ශවත් අන්දමින් වාර්ෂිකව පැවැත්වීමට කටයුතු සලසා ඇත.