සංවර්ධන අංශය

සංවර්ධන අංශය

හැදින්වීම සහ කාර්යයන්

දකුණු පළාත නියෝජනය කරමින් පිහිටුවන සමිති ලියාපදිංචි කිරීමේ කටයුතු , අධීක්ෂණ කටයුතු සහ එම සමිතිවල සංවර්ධන කටයුතුවලට සහාය ලබාදීම.

සමුපකාර සමිතිවල පිරිස්බල තක්සේරු අනුමත කිරීම හා සංශෝධන කිරීම.

සමුපකාර සමිතිවල අධ්‍යක්ෂ මණ්ඩල පත් කිරීම, ඉවත් කිරීම සිදුකිරීම.

සමුපකාර සංවර්ධන සහකාර කොමසාරිස්වරුන්ට ගැසට් නිවේදනය ප්‍රකාරව අනුමැතිය ලබාදිය නොහැකි මුල්‍ය වටිනාකමක් ඇති වත්කම් මිලදී ගැනීම , බැහැර කිරීමට සහ ඉදිකිරීම් සඳහා අනුමැතිය ලබාදීම.

සමුපකාර සමිතිවල අධ්‍යක්ෂ මණ්ඩල හා කාර්ය මණ්ඩල විදේශගත වීම සදහා වියදම් දැරීමට අනුමැතිය ලබාදීම.

සමුපකාර අරමුදලෙන් සමුපකාර සමිතිවලට ණය ලබාගැනීමට අවශ්‍ය අනුමැතිය ලබාදීම.

සමුපකාර සමිතිවලට නව ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී අවශ්‍ය අනුමැතිය ලබාදීම.

සමුපකාර සේවක කොමිෂන් සභාව, සමුපකාර සංවර්ධන රේඛීය දෙපාර්තමේන්තුව හා අනෙකුත් සමුපකාර ව්‍යාපාරයට සම්බන්ධ ආයතනවලට අවශ්‍ය වාර්තා සැපයීම හා සමුපකාර සමිති හා මෙම ආයතන අතර සම්බන්ධීකරණය.

මහජන පෙත්සම් සහ සමිතිවල වංචා, දුෂණ හා අක්‍රමිකතාවලට අදාල පරීක්ෂණ සහකාර කොමසාරිස් කාර්යාල හරහා සිදු කර නිර්දේශ සහිතව වාර්තා අදාල අංශවලට හා ආයතනවලට යොමු කිරීම.

හැදින්වීම සහ කාර්යයන්

අංශයේ ක්‍රියාකාරීත්වයට අදාල චක්‍රලේඛ නිකුත් කිරීමට අවශ්‍ය නිර්දේශ සමුපකාර සංවර්ධන කොමසාරිස්වරයාට ලබාදීම.

පළාත් නියාමන කමිටුව සංවිධානය කිරීම.

දිස්ත්‍රික් නියාමන, ජාතික නියාමන හා පළාත් නියාමන කමිටුවට අදාළ තොරතුරු සැපයීම.

නියාමන ක්‍රියාවලියට අදාළ චක්‍රලේඛ හා ලිපි දිස්ත්‍රික්කවලට ලබාදිම හා ඒ අනුව කටයුතු කරන්නේදැයි අධීක්ෂණය කිරීම.

තීරක තීන්දුවකින් පසුව අතෘප්තියට පත් පාර්ශවය විසින් ඉදිරිපත් කරනු ලබන විධිමත් අභියාචනා විභාග කර තීන්දු ලබාදීම.

පනතේ 46 (i) පරීක්ෂණ සමාලෝචනයෙන් පසු චෝදනා සකස් කර මහා සභාවට ඉදිරිපත් කිරීම

පනතේ 66 වන වගන්තිය යටතේ අදාල චෝදනාලාභීන්ගෙන් කරුණු හා හේතු විමසීම් සිදුකර නියෝග ලබාදීම සහ එම මුදල අයනොවුනහොත් 66(ii) වගන්තිය යටතේ උසාවි ගත කිරීම.

හැදින්වීම සහ කාර්යයන්

සමුපකාර සංවර්ධන කොමසාරිස් රෙජිස්ට්‍රාර් පාර්ශවකරුවෙකු වන නඩු සඳහා අවශ්‍ය රජයේ නීති සහාය ලබාගැනීම සහ ඒ සඳහා පෙර කැලෑසි ප්‍රධාන කාර්යාලයේ නීති අංශයෙන් ලබාගෙන රජයේ නීතීඥයන් වෙත භාරදීම.

අදාල නඩු සඳහා නිරීක්ෂණ සකසා දකුණු පළාත් නීති නිලධාරී හරහා නීතිපති දෙපාර්තමේන්තුවට භාරදිම සහ රජයේ අධිනීතීඥ සමග සාකච්ජාවලට සඳහා සහභාගීවීම.