ආයතන අංශය

ආයතන අංශය

හැදින්වීම

සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත ලැබෙන දෛනික තැපෑල සම්බන්ධ සියළුම රාජකාරි කටයුතු හා දෙපාර්තමේන්තුව මඟින් බාහිර පාර්ශවයන් වෙත යොමු කරන ලියාපදිංචි/ සාමාන්‍ය ලිපි තැපැල් කිරීම සම්බන්ධ සියළුම රාජකාරි.

නිදහස් තැපෑල හා තැපැල් අග්‍රිමය නඩත්තු කිරීම.

ඉන්ධන ඇනවුම්පත් නිකුත් කිරීම, ඉන්ධන බිල්පත් නිරවුල් කිරීම සහ අතිරේක ඉන්ධන ප්‍ර‍තිපූර්ණය කිරීම

ධාවන සටහන් නියමිත දිනට විගණකාධිපති වෙත ඉදිරිපත් කිරීම.

සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ සමුපකාර සංවර්ධන කොමසාරිස් / රෙජිස්ට්‍රාර්ගේ හැර අනෙකුත් සියලුම මාණ්ඩලික හා මාණ්ඩලික නොවන නිලධාරීන්ගේ පෞද්ගලික ලිපිගොනු සම්බන්ධ සියලුම රාජකාරී කටයුතු සිදු කිරීම. (වැටුප් වර්ධක ලබාදීම, සේවය ස්ථිර කිරීම, උසස්වීම් ලබාදීම, අභියාචනා සම්බන්ධයෙන් කටයුතු කිරීම)

සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තු ප්‍ර‍ධාන කාර්යාලයේ සහ සමුපකාර සංවර්ධන සහකාර කොමසාරිස් කාර්යාල තුනට අනුයුක්තව සිටින සියලුම නිලධාරීන්ගේ නිවාඩු, උපාධිධාරි අභ්‍යාසලාභීන්ගේ හා බහුකාර්ය සංවර්ධන සහායකයින්ගේ නිවාඩු සම්බන්ධයෙන් කටයුතු කිරීම.

ජල, විදුලි, දුරකථන, ආරක්ෂක සේවය හා පවිත්‍රතා සේවය ඇතුළු වෙනත් විවිධ ගෙවීම් වවුචර්පත් පරීක්ෂා කිරීම හා නිර්දේශ කිරීම.

සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තු ප්‍ර‍ධාන කාර්යාලයේ සහ සමුපකාර සංවර්ධන සහකාර කොමසාරිස් කාර්යාල තුනට අනුයුක්තව සිටින සියලුම නිලධාරීන්ගේ අනියම් ගමන් වියදම්, පරිවර්තිත ගමන් වියදම්, නිවාඩු දින වැටුප් පරීක්ෂා කිරීම, නිර්දේශ කර අනුමැතියට සහ සහතික කිරීමට යොමු කිරීම.

පොල්ගොල්ල ජාතික සමුපකාර ආයතනය සහ වක්වැල්ල කළමනාකරණ පුහුණු ආයතනය මඟින් සිදු කරනු ලබන සියළු පුහුණු වැඩසටහන් සම්බන්ධ රාජකාරී කටයුතු හා ප්‍රායෝගික පුහුණුව සඳහා වෘත්තීය පුහුණු ආයතනය මඟින් අනුයුක්ත කරනු ලබන පුහුණු අභ්‍යාසලාභීන්ට පුහුණුව ලබාදීමට අදාළ රාජකාරී කටයුතු සිදු කිරීම.

කාර්ය මණ්ඩල වාර්තා සකස් කර ප්‍රධාන ලේකම් සහ අමාත්‍යාංශ ලේකම් වෙත යොමු කිරීම.

සේවාවන්

සේවක පුරප්පාඩු සම්බන්ධයෙන් දැනුම්දීම සහ අනුමත කාර්ය මණ්ඩල සංශෝධනයන් සම්බන්ධව කටයුතු සිදු කිරීම.

බලතල පැවරීමේ කටයුතු සිදු කිරීම.

කාර්යාලයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව සකස් කිරීම.

අදාල වර්ෂයේ පාලන වාර්තාව සකස් කිරීම.

විනය පරීක්ෂණ/ මූලික විමර්ශන ගොනු නඩත්තු කිරීම.

සියලුම නිලධාරීන්ගේ අතිකාල කටයුතු සිදු කිරීම.

අනුග්‍රහ වාර ප්‍රවේශ පත්‍ර සම්බන්ධ රාජකාරී කටයුතු සිදු කිරීම.

ගැසට් නිවේදන සම්බන්ධ රාජකාරී කටයුතු සිදු කිරීම

බදු ගිවිසුම් සම්බන්ධ රාජකාරී කටයුතු සිදු කිරීම.

දුරකතන නාමාවලිය යාවත්කාලීන කර පවත්වා ගෙන යාම.

ක්ෂේත්‍ර‍ නිලධාරීන්ගේ යතුරුපැදි සම්බන්ධ රාජකාරී කටයුතු සිදු කිරීම.

රාජ්‍ය ක්‍රීඩා උළෙල සම්බන්ධ රාජකාරී කටයුතු සිදු කිරීම.

මැතිවරණයට අවශ්‍ය තොරතුරු සැපයීම සහ ගෙවිම් සම්බන්ධ රාජකාරී කටයුතු සිදු කිරීම.

සේවාවන්

සමුපකාර සංවර්ධන නිලධාරීන්ගේ ඉදිරි වැඩසටහන්, දින සටහන් සහ ඉදිරි වැඩසටහන් සංශෝධන නිර්දේශ හා අනුමැතියට යොමු කිරීම.

නිලධාරීන්ගේ අභ්‍යන්තර හා වාර්ෂික ස්ථාන මාරු කටයුතු සිදු කිරීම.

නිලධාරීන්ගේ අග්‍ර‍හාර රක්ෂණය සම්බන්ධ කටයුතු සිදු කිරීම.

සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ සහ සමුපකාර සංවර්ධන සහකාර කොමසාරිස් කාර්යාලවල සියළුම උපකරණ, ගොඩනැගිලි නඩත්තු හා අලුත්වැඩියා කටයුතු සම්බන්ධීකරණය කිරීම.

ලේඛනාගාරය භාරව කටයුතු කිරීම හා ඒ සම්බන්ධ සියළුම රාජකාරී කටයුතු සිදු කිරීම.

සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ සියලුම නිලධාරීන්ගේ රාජකාරී පැවරීම් කටයුතු සිදු කිරීම.