දකුණු පළාත් සමුපකාර සේවක විශ්‍රාම වැටුප් ප්‍රඥප්තිය හා නියෝගයන් ඇතුළු නෛතික රාමු, ප්‍රතිපත්ති හා තීරණවලට අනුකූලවන පරිදි විශ්‍රාම වැටුප් පිළිගැන්වීමේ ක්‍රියාවලිය නියාමනය කිරීම හා ඊට අදාල විධිවිධානයන් පැනවීම.
මාසික විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ අඛන්ඩව ගෙවීම හා එක්වරක් ගෙවන ප්‍රතිලාභ නිරවද්‍යතාවයකින් යුක්තව ලබා දීම.
විශ්‍රාම වැටුප් දායක මුදල් රැස්කිරීම හා අනෙකුත් ආදායම් රැස්කිරීම හා කළමනාකරණය කිරීම.
වාර්ෂික මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම, අයවැය පිළියෙළ කිරීම හා ප්‍රගතිය විශ්‍රාම වැටුප් උපදේශක කාරක සභාව වෙත ඉදිරිපත් කිරීම.
විශ්‍රාම වැටුප් ප්‍රදානය කිරීමේදී හා ගෙවීම් කිරීමේදී රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති හා මූල්‍ය ප්‍රමිතිකරණයන්ට අනුකූලව කටයුතු කිරීම.
විශ්‍රාම වැටුප් අරමුදලේ දීර්ඝ කාලීන පැවැත්ම උදෙසා අතිරික්ත මුදල් ප්‍රශස්ථ ලෙස ආයෝජනය කිරීම.
සේවකයාගේ අනාගත සුරක්ෂිතතාවය ඇති කිරීම.
ව්‍යාපාරයේ අඛණ්ඩ පැවැත්ම තහවුරු කිරීම.
සමුපකාර ව්‍යාපාරයේ දක්ෂ හා පළපුරුදු කාර්ය මණ්ඩල සාමාජිකයන් රඳවා ගැනීම.
සමිතිවල බඳවා ගැනීම්, උසස් කිරීම් ඇතුළු මානව සම්පත් කටයුතු විධිමත් කිරීම හා කාර්යක්ෂම කිරීම.
කාර්යක්ෂම සමුපකාර ව්‍යාපාරයක් දකුණු පළාත තුළ ක්‍රියාත්මක කිරීම.
ග්‍රාමීය ආර්ථිකය සවිමත් කිරීම හා ජාතික ආර්ථික සංවර්ධනයට දායකත්වයක් ලබා දීම.