සමූපකාර සංවර්ධනයෙන්

ජයග්‍රාහීව ඉදිරියටම.....

සාමූහිකත්වය

ජයග්‍රහනයේ අඩිතාලමය.....

සමූපකාර සංවර්ධනය තුලින්

නවීන ලෝකය ජයගමු......

2019.04.01 දිනට පෙර දකුණු පළාතේ සමුපකාර සමිතිවල ස්ථිර සමුපකාර සේවකයන් සම්බන්ධ ව කටයුතු කිරීම - මෙම විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය ක්‍රියාත්මක වන දිනට සේවයේ නියුතුව සිටි , සමුපකාර සේවක විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයට දායක වීමට කැමති මේ වන විටත් දායකත්වය ලබා නොගත් සේවකයන් සඳහා 2460/10 අංක දරණ 2025.10.28 දිනැති ගැසට් නිවේදනය මඟින් 2025.12.31 දක්වා අවස්ථාව ලබා දී ඇත.එබැවින් එකී හිමිකම ලැබීමට සුදුසුකම් ලබන සේවකයන් සිටීනම් හා ඔවුන් මෙම දායක ක්‍රමයට බැඳීමට කැමැත්තේ නම් සමුපකාර සේවක විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයට දායක වීම සඳහා අවස්ථාව ඇත. එබැවින් ඒ සඳහා නොපමාව අවශ්‍ය කටයුතු සිදු කරන ලෙසත්, අවශ්‍ය වේ නම් වැඩි විස්තර සමිති භාර සමුපකාර සංවර්ධන නිලධාරී මඟින් හෝ 091-2234380 ඇමතීමෙන් ලබා ගත හැකි ය.

සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව, දකුණු පළාත

දකුණු පළාත් කෘෂිකර්ම, ගොවිජන සංවර්ධන, වාරිමාර්ග, ජල සම්පාදන හා ජලාප්‍ර‍වාහන, ආහාර සැපයුම් හා බෙදාහැරීම්, වෙළඳ සමුපකාර සංවර්ධන අමාත්‍යංශයට අයත් දකුණු පළාත් සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍ර‍ධාන නිලය සමුපකාර සංවර්ධන කොමසාරිස් හා සමුපකාර සමිති රෙජිස්ට්‍රාර් වන අතර උප කොමසාරිස් කාර්යාලවල ප්‍ර‍ධාන නිලය සමුපකාර සංවර්ධන සහකාර කොමසාරිස් වේ........

වැඩිදුර විස්තර

ආයුබෝවන් !

දකුණු පළාත් සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිසි ඔබ සැම සාදරයෙන් පිලිගනිමු !

අපගේ දැක්ම

“2025 වන විට සමුපකාර ක්ෂේත්‍රයේ පළාත් ප්‍රමුඛයා බවට පත්වීම”

අපගේ මෙහෙවර

“දකුණු පළාත් සමුපකාරිකයන් ප්‍ර‍මුඛ වු ප්‍ර‍ජාවගේ ආර්ථික , සාමාජීය හා සංස්කෘතික අවශ්‍යතා සාධනය සඳහා රාජ්‍ය ප්‍රතිපත්තීන්ට අනුගතව සමුපකාර ක්ෂේත්‍රය මෙහෙයවීමෙන් ජාතික ආර්ථිකයට සමුපකාරික දායකත්වය ප්‍රබලව ලබාදීම.”

ආයතනයේ අරමුණූ

  • සමස්ථ සමුපකාර සමිති පද්ධතිය මෙහෙයවීම.
  • උපදෙස් ලබාදීම.
  • විගණනය හා අධීක්ෂණ නීතිමය කටයුතු
  • ආර්ථික, සමාජීය, සංස්කෘතික හා අධ්‍යාපන සංවර්ධනයට දායකත්වයක් සැපයීම.
  • සමුපකාර සමිති ලියාපදිංචි කිරීම.
  • සමුපකාර සමිති සංවර්ධනය කිරීම.
  • සමුපකාර සමිතිවල අධ්‍යක්ෂ මණ්ඩල, කාරක සභා, මහ සභා සාමාජිකයන් දැනුවත් කිරීම සහ මග පෙන්වීම.
  • ව්‍යාපෘති හා ප්‍ර‍චාරක වැඩ
  • ප්‍ර‍ධාන කාර්යයන්

  • සමුපකාර සමිති ලියාපදිංචි කිරීම.
  • සමුපකාර සමිති සංගත කිරීම හා විසංගත කිරීම.
  • සමුපකාර සමිති සංවර්ධන කටයුතු සඳහා මඟපෙන්වීම හා විගණනය කිරීම.
  • සමුපකාර නීති අර්ථකථනයන් සැපයීම.
  • සමුපකාර සමිති සඳහා විශේෂ විමර්ශන පැවැත්වීම.
  • සමුපකාර සමිති කාරක සභිකයන් සඳහා අතුරු ව්‍යාවස්ථා සංශෝධනය කිරීම.
  • සමුපකාර අරමුදල පරිපාලනය කිරීම.
  • සමුපකාර සමිති සඳහා කාරක සභිකයන් පත්කිරීම.
  • සමුපකාර සමිති තිරක කරණය.
  • සමුපකාර සමිති ඈවර කිරීම හා අවලංගු කිරීම.
  • නවතම පුවත්

    JICA Knowledge Co-Creation Program: Small and Medium Enterprise Development Policies

    ***වැඩි විස්තර සඳහා පිවිසෙන්න...**

    වැඩිදුර පුවත්

    අපගේ සේවාවන්

    දකුණු පළාත නියෝජනය කරමින් වෙළඳපල ආර්ථික ක්‍රමයට අනුකූලව සමුපකාර චින්තනය සමාජගත කිරීම හා සමුපකාර ක්‍රමය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් එම සමිතිවල සංවර්ධන කටයුතුවලට සහාය ලබාදීමත්, සමුපකාර චින්තනය අනුව කටයුතු කිරීමට උපකාරී වන ආයතනික පහසුකම් නීති පද්ධතිය සමඟ ප්‍රඥප්තියේ, රීති මාලාවේ හා එයට අදාළ රෙගුලාසි සකස් කිරීමට මගපෙන්වමින් ජාතික සංවර්ධනය සඳහා දායකත්වය ලබාදෙමින් සමුපකාර චින්තනය වඩාත් ශක්තිමත් කිරීම අපගේ ප්‍රමුඛ සේවාවයි..

    පිවිසෙන්න අපගේ මුහුණු පොත - FACEBOOK