Asistant Commissiner Office - Galle

සහකාර කොමසාරිස් කාර්යාලය, ගාල්ල . . .

සහකාර කොමසාරිස් - ගාල්ල

ඊ.වී.ජී. සරත් මහතා (වැ.බ.)

හැදින්වීම

දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ සමුපකාර ක්ෂේත්‍රයට අදාල වන සියලුම කාර්යයන් සහකාර කොමසාරිස් සමූපකාර කාර්යාලය මගින් සිදුකරනු ලබයි.

දැක්ම

2025 වන විට සමුපකාර ක්ෂේත්‍රයේ පළාත් ප්‍රමුඛයා බවට පත්වීම

මෙහෙවර

දකුණු පළාත් සමුපකාරිකයන් ප්‍ර‍මුඛ වු ප්‍ර‍ජාවගේ ආර්ථික , සාමාජීය හා සංස්කෘතික අවශ්‍යතා සාධනය සඳහා රාජ්‍ය ප්‍රතිපත්තීන්ට අනුගතව සමුපකාර ක්ෂේත්‍රය මෙහෙයවීමෙන් ජාතික ආර්ථිකයට සමුපකාරික දායකත්වය ප්‍රබලව ලබාදීම

උපකාර්යාල කාර්යය භාරය

  • සමූපකාර සමිති ලියාපදිංචි කිරීම.
  • ලියාපදිංචි කල අතුරු ව්‍යවස්ථා සංශෝධනය කිරීම.
  • අවශ්‍ය වූ විට සමිති ඒකාබද්ධ කිරීම හා විබද්ධ කිරීමේ කටයුතු සිදු කිරීම.
  • වාර්ෂික විගණනය සිදු කිරීම.
  • නියමිත කාල සීමාවේදී සමුපකාර සමිතිවල පාලන කටයුතු සඳහා කාරක සභා, මහ සභා, අධ්‍යක්‍ෂ මණ්ඩල තෝරා පත් කර ගැනීම.
  • සමූපකාර සමිති වල අධ්‍යක්‍ෂවරුන්ගේ ධූර සම්බන්ධව නීත්‍යානූකූලභාවය පිළිබඳ පනතේ 60(2) අනුව පරීක්‍ෂා කර බලා තීරණ ලබා දීම.
  • වත්කම් මිලදී ගැනීමේදී රු.5000.00ට වඩා වැඩි වටිනාකමින් යුතු වත්කම් සඳහා රීති 48(i)/(ii) යටතේ අනුමැතිය ලබාදීම (ඉඩම්, ගොඩනැගිලි, රථ වාහන හා අනෙකුත් දේපල උපකරණ මිලදී ගැනීම හා බද්දට දීම සම්බන්ධ අනුමැතිය)
  • සමූපකාර සමිති පනතේ 46(1) වගන්ති ප්‍රකාරව සමිතිවල ක්‍රියාකාරීත්වය සම්බන්ධව විභාග හා පරික්‍ෂණ පැවැත්වීම.
  • සමූපකාර සමිති ක්‍රියාත්මක කිරීමේදී සමිතියේ කටයුතු වල නීත්‍යනූකූලභාවය පිළිබඳ උපදෙස් හා මගපෙන්වීම, සමූපකාර සංවර්ධන ප්‍රාදේශීය නිලධාරීන් මගින් සිදු කිරීම.
  • උපකාර්යාල කාර්යය භාරය

  • සාමාජික අයිතිවාසිකම් /පෙත්සම්/අක්‍රමිකතා /වංචා සම්බන්ධව සමූපකාර සමිති පනතේ වගන්ති ප්‍රකාරව කටයුතු කිරීම.
  • සමිතිවල ආරවුල් සම්බන්ධවව (ණය/විවිධ) තීරක ප්‍රදාන ලබා දීම හා අයවිය යුතු මුදල් අයකර දෙන ලෙස ඉල්ලා සිටි විට, උසාවි ගතකර දඩ මුදල් ලැබෙන මුදල් සමිති වෙත ප්‍රේෂණය කිරීම.
  • බැංකු ගිණුම්, මුදල් ගණුදෙනු, බාහිර ණය ලබාගැනීම් සඳහා සමිතියට අවශ්‍ය නිර්දේශ ලබා දීම.
  • සමිති ක්‍රියාකාරීත්වය අඩපන වුවහොත් ඈවර කටයුතු හරහා ලියාපදිංචිය අවලංගු කිරීම.
  • ඉතිරි තොග ගණන් ගැනීම අධීක්‍ෂණය කිරීම.
  • සමූපකාර සමිති වල මහසභා, සංවත්සරික මහසභා හා කාරක සභා රැස්වීම් වලට සහභාගී වීමට අවශ්‍ය උපදෙස් හා මඟ පෙන්වීම් කටයුතු.
  • සමූපකාර සමිති පනතේ 18 (i) හා 18 (ii) වගන්ති ප්‍රකාරව මහසභා රැස්වීම් කැඳවීම.
  • සමිති ගිණුම් පොත්පත් යාවත්කාලීන කිරීම සඳහා අවශ්‍ය උපදෙස් ලබාදීම
  • වාර්ෂික ලාභ බෙදීම සඳහා අනුමැතිය ලබා දීම.
  • දෙපාර්තමේන්තුවට එරෙහිව පවරන ලද නඩු වලදී පෙනී සිටීම.
  • සමූපකාර අරමුදල් රැස්කිරීම.
  • තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලීම් සඳහා කටයුතු කිරීම.
  • සමිති ශ්‍රේණිගත කිරීමට අදාල රාජකාරී කටයුතු.
  • සමූපකාර අරමුදල් , පළාත් නිශ්චිත හා උපමාන පාදක අධාර ලබාදීම සඳහා නිර්දේශ ලබා දීම.
  • ග්‍රාමීය බැංකු කාර්ය රීති සංග්‍රහ සංශෝධන.
  • සම්බන්ධීකරණ කමිටු රැස්වීම් සහභාගීත්වය.
  • උකස් වෙන්දේසි සඳහා අනුමැතිය ලබාදීම හා අබලි ද්‍රව්‍ය වෙන්දේසි සඳහා අනුමැතිය ලබාදීම.
  • ප්‍රගති සමාලෝචන රැස්වීම් පැවැත්වීම.
  • සංඛ්‍යා ලේඛන වාර්තා සකස් කිරීම.


  •